සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සභාපති ලෙසින් චාරිත්‍රානුකුලව අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කරනු ලබන්නේ ඉමහත් සතුටිනි.
යහපත් ගුණධර්ම හා චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැනක් දෙමින් එම ගුණධර්ම වලින් පිරිපුන් ආයතනයක් ලෙසින් ස්ථාපිත අප සමාගම කෙරෙහි සමස්ථ ජනතාව මෙන්ම රජයත් තබා ඇති විශ්වාසනීයත්වය රැකගැනීමෙහි ලා කැපවී සිටින ඔබ සැමගේ මහඟු දායකත්වය ප්‍රශංසනාත්මකව සිහිපත් කිරීමට ලබන්නා වු නව වසර මෙය අවස්ථාවක් කර ගනිමි.
මේ වන විට රටෙහි පැවති අභියෝගාත්මක තත්වයන්(ජල ගැලීම්/නායයැම්) ඔබ සැම වෙත මුහුණ පැමට සිදුවුවත් ඒ සියලු අභියෝගයන් වෙත ධනාත්මකව මුහුණ දෙමින් සමාගමේ ව්‍යාපාරික කටයුතු වර්ධනය වෙනුවෙන් සහයෝගය දක්වන රක්නා ආරක්ෂක ලංකා පවුල වෙත මාගේ උණුසුම් සුභාශිංසනය පිරිනමමි.
රටෙහි උද්ගත වී ඇති කුමන තත්වයකදි වුවද සමාගමේ සියලුම අයවලුන් ආර්ථිත වශයෙන්ශක්තිමත් කිරීමට මා ඇප කැප වී කටයුතු කරන අතර,ඉදිරියේදි ඔබ සැම වෙත වැඩි ප්‍රතිළාභයක් ලබාදීම සඳහා සමාගමේ උන්නතිය වෙනුවෙන් ශත්තිමත්ව රාජකාරින් ඉටු කරන ලෙසද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගම ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් නවෝත්පාදනයක් කරා එළඹෙන මෙම වකවානුවේදි කාර්යය මණ්ඩලයේ සියල්ලෝම තමන් වෙත පැවරි ඇති කාර්යයන් ආයතනික අරමුණු ඵලදායි ලෙස සාක්ෂාත් කරගැනීම සඳහා පෙරට වඩා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරනු ඇතැයිද මා විශ්වාස කරමි.
අවසාන වශයෙන් එළඹෙන 2026 වසර ඔබ සැමටත් ඔබගේ පවුල් වල සියලුම දෙනා හටත් සාමය හා සතුට සපිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා යැයිද ප්‍රාර්ථනා කරමි.
බ්‍රිගේඩියර් ජුඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික)
සභාපති /ප්‍රධාන විධායක නිළධාරි
සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගම
