සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, මේජර් ගීතා විතනආරච්චි (විශ්‍රාමික) මහත්මියගේ ඉල්ලීමකට අනුව, කැනඩාවේ පදිංචි සෝන්ඩස් ජයතිලක මහතා සහ චමිලා ජයතිලක මහත්මිය විසින් සිදු කරන ලද ධන පරිත්‍යාගයකින්, සමාගමේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරී/නිලධාරිනියන් සහ ඔවුන්ගේ පවුල්වල ශ්‍රවණාබාධිත සාමාජිකයින් සඳහා ශ්‍රවණාබාධිත උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ඔක්තෝබර් 01 වන දින සමාගමේ මූලස්ථාන ගොඩනැගිල්ලේදී පැවැත්විණි. මෙම වැඩසටහනේදී, අදාළ ආරක්ෂක නිලධාරී/නිලධාරිනියන් සහ ඔවුන්ගේ පවුල්වල ශ්‍රවණාබාධිත සාමාජිකයින්ගේ ශ්‍රවණ අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රවණාබාධිත උපකරණ පිරිනමන ලදී.
මෙම අවස්ථාවේදී ප්‍රධානී පාලන බ්‍රිගේඩියර් පරාක්‍රම රන්දෙණිය (විශ්‍රාමික) සහ ප්‍රධානී ගොඩබිම් මෙහෙයුම් මේජර් ජෙනරාල් එම්.ඩී. විජේසුන්දර (විශ්‍රාමික) විසින් ප්‍රතිලාභීන් වෙත ශ්‍රවණාබාධිත උපකරණ පිරිනැමීම සිදු කරන ලදී.
මිනිසත්කම, සමාජ වගකීම සහ සේවක සුබසාධනය පෙරදැරි කරගනිමින් සිදු කළ මෙම සත්කාරය, ආරක්ෂක නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීම සඳහා ලබාදුන් වටිනා දායකත්වයක් ලෙස හැඳින්විය හැකිය. මෙම උතුම් සත්කාරය සඳහා දායක වූ සෝන්ඩස් ජයතිලක මහතා සහ චමිලා ජයතිලක මහත්මිය වෙතත්, වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් හා මඟපෙන්වීම ලබාදුන් සියලු දෙනා වෙතත් හෘදයාංගම ස්තූතිය පළ කරමු.














