Custom Preloader

News & Blog

සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!

සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන්, 2026 අප්‍රේල් මස 20 වන දින පෙ.ව. 9.00ට, සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගමේ මුලස්ථාන පරිශ්‍රයේදී අළුත් අවුරුදු භෝජන සංග්‍රහයක් උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී.

මෙම අවස්ථාව සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජුඩ් පෙරේරා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා සමාගමේ සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජික/සාමාජිකාවන් සහභාගී විය.

සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරගනිමින්, සේවකයින් අතර සුහදතාවය, එකමුතුකම සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණි.

උත්සවය අතරතුර අදහස් දැක්වූ සභාපති බ්‍රිගේඩියර් ජුඩ් පෙරේරා (විශ්‍රාමික) මහතා, සමාගමේ ඉදිරි ගමන සාර්ථකව, ස්ථිරව සහ තිරසාරව ඉදිරියට ගෙන යාම සඳහා සේවකයින්ගේ කැපවීම, වගකීම්භාරය, එකමුතුකම සහ කාර්යශීලීභාවය අතිශය වැදගත් හා අත්‍යවශ්‍ය සාධක වන බව අවධාරණය කළේය. ආයතනික ඉලක්ක සපුරා ගැනීම සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම යන ක්ෂේත්‍රවලදී සියලුම කාර්ය මණ්ඩලයේ සමගාමී සහයෝගීතාවය, විනයානුකූල සේවාව, වෘත්තීයභාවය සහ වගකීම්සම්පන්න ආකල්පය අත්‍යවශ්‍ය බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම, ආයතනයක් ලෙස සමාගමේ දිගුකාලීන සාර්ථකත්වය රඳා පවතින්නේ එක් එක් සේවකයාගේ පුද්ගලික දායකත්වය මෙන්ම කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වන එකමුතු ප්‍රවේශය මත බවද ඔහු අවධාරණය කළ අතර, සියලුම අංශ අතර සබඳතා ශක්තිමත් කරගනිමින් එකම ඉලක්කයක් කරා ගමන් කිරීමේ වැදගත්කමද මෙහිදී පැහැදිලි කළේය.

එමෙන්ම, සමාගමේ සියලුම සේවක/සේවිකාවන්ටත් ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ටත් සෞභාග්‍යයෙන්, සතුටින්, සෞඛ්‍ය සම්පන්නව සහ සාර්ථකත්වයෙන් පිරුණු නව අවුරුද්දක් සඳහා උණුසුම් සුභාශිංසන එක් කළ ඔහු, ඉදිරි වසර තුළ සමාගමේ වර්ධනය, කාර්ය සාධනය සහ සේවා ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා සියලු දෙනාගේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

Rakna Arakshaka Lanka Ltd

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Rakna Arakshaka Lanka Limited | රැක්මට මුල්තැන

Special Projects

© 2025 - Rakna Arakshaka Lanka Ltd. All Rights Reserved.
(Design & Development by IT Department of RALL)